අපගේ ණය යෝජනා ක්‍රම
ඔබේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපෙන් සහනදායී ණය විසඳුම්
ඉඩම් මිලදී ගැනීම් ණය
ඕනෑම අවශ්‍යතාවයක් සදහා ඉඩමක් මිලදී ගැනීම සදහා ණය.
උපරිම මුදල: රු. 1,500,000
පොලී අනුපාතය: 1.41% (හීන වන ශේෂය)
ණය කාලය: වසර 08 දක්වා
නිවාස ණය
නිවාස ඉදිකිරීම හෝ නවීකරණය සදහා සහන ණය.
උපරිම මුදල: රු. 1,500,000
පොලී අනුපාතය: 1.41% (හීන වන ශේෂය)
ණය කාලය: වසර 08 දක්වා
ස්වයං රැකියා ණය
ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දියුණු කිරීමට.
උපරිම මුදල: රු. 1,500,000
පොලී අනුපාතය: 1.41%
ණය කාලය: වසර 08 දක්වා
කෘෂිකාර්මික ණය
ගොවිතැන් කටයුතු සහ වගාවන් සාර්ථක කරගැනීම සඳහා සහන ණය.
උපරිම මුදල: රු. 500,000
කාලය: මාස 06 දක්වා
උත්සව අත්තිකාරම් ණය
උත්සව සමයේ මිලදී ගැනීම සහ විශේෂ අවස්ථා සදහා සහන ණය.
උපරිම මුදල: රු. 50,000
පොලී: 1.41% (හීන වන ශේෂය)
කාලය: මාස 10ක් දක්වා
කාන්තා ව්‍යවසායක ණය
කාන්තා ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරික සිහින සැබෑ කරගැනීම සඳහා.
උපරිම මුදල: රු. 200,000
පොලී: 1.16%
කාලය: වසර 3 දක්වා
හරිතාගාර ණය
හරිතාගාර ඉදිකිරීම සඳහා ලබාදෙන සහන ණය පහසුකම්.
උපරිම මුදල: රු. 1,000,000
පොලී: 1.25%
කාලය: වසර 5 දක්වා
ක්ෂණික ණය
ව්‍යාපාරික ඔබ සදහාම ක්ෂණිකව ලබාගත හැකි සහන ණය.
උපරිම මුදල: රු. 500,000
පොලී: 3%
කාලය: මාස 01 දක්වා
වාහන ණය
නව වාහනයක් මිලදී ගැනීමට ලබාදෙන ණය.
උපරිම මුදල: රු. 1,500,000
පොලී අනුපාතය: 1.41% (හීන වන ශේෂය)
ණය කාලය: වසර 08 දක්වා
සේවක අර්ථසාධක ණය
ඔබගේ අර්ථසාධක අරමුදල් ප්රතිලාභ මත ලබාගත හැකි ණය.
ණය මුදල: EPF ශේෂය මත
පොලී: රාජ්‍ය නියමයන්ට යටත්ව
අවශ්‍යතා: නිවාස/වෛද්‍ය අවශ්‍යතා
"දිය දෝත" ජල ණය
නිවසට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාගැනීම සඳහා සහන ණය.
උපරිම මුදල: රු. 1,500,000
පොලී අනුපාතය: 1.41% (හීන වන ශේෂය)
ණය කාලය: වසර 01 දක්වා
වෙනත් ණය
ඉහත සඳහන් නොවූ ඔබගේ වෙනත් ඕනෑම හදිසි මූල්‍ය අවශ්‍යතාවයකට.
ණය මුදල:බැංකු ශාඛාවේ කළමණාකරු හමුවී ඔබගේ අවශ්‍යතාවය මත ණය මුදල් ලබා ගැනීමට හැකියාව පවති.
ණය ලබා ගැනීම සඳහා මූලික සුදුසුකම්
අපගේ ණය පහසුකම් ලබා ගැනීමට ඔබ සපුරාලිය යුතු මූලික අවශ්‍යතා සහ ලේඛන මෙහි දැක්වේ.
මූලික අවශ්‍යතා
සමිතියේ සාමාජිකත්වය ලබා ගෙන තිබීම.
වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම හා අවුරුදු 60 ට අඩුවීම.
ණය මුදලෙහි මාසික වාරිකය ගෙවිය හැකි ආදායමක් සහිත වීම.
ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම.
ණය මුදල සදහා ඇප වීමට සාමාජික ඇපකරුවන් දෙදෙනෙකු .
අවශ්‍ය මූලික ලිපිලේඛන
ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය.
පසුගිය මාස 3ක වැටුප්/දළු වැටුප්/කිරි වැටුප් වාර්තා. මෙම ලේඛණ නොමැතිනම් සාමදාන විනිශ්චයකරුවෙකු සහතික කළ ආදායම් ප්‍රකාශය (Proof of Income).
වැය ඇස්තමේන්තුව, රු. 750,000 ට වැඩි ණය සඳහා CRIB වාර්තාව අවශ්‍ය වේ.
ණය ලබා ගැනීමේ පියවරයන්
ඔබගේ ණය අයදුම්පත සම්පූර්ණ කිරීමේ සිට මුදල් ලබා ගැනීම දක්වා ක්‍රියාවලිය පහත දැක්වේ.
ණය අයදුම්පත ලබා ගැනීම
ඔබගේ ණය අවශ්‍යතාවය ඔබ ගණදෙනු කරන ග්‍රාමීය බැංකු ශාඛාවේ කළමණාකරු සමග සාකච්ඡා කොට ණය ඉල්ලුම් පතක් හා අනෙකුත් අයදුම්පත් ලබා ගන්න. (අපගේ ප්‍රධාන කාර්යාලයෙන්, ශාඛා මගින් හෝ වෙබ් අඩවිය හරහා ඔබට අදාළ ණය අයදුම්පත ලබා ගත හැක.)
අවශ්‍ය ලේඛන සකස් කිරීම
අයදුම්පතෙහි සඳහන් පරිදි හැඳුනුම්පත් පිටපත්, ආදායම් වාර්තා සහ අනෙකුත් ලියකියවිලි සූදානම් කරගන්න.
අයදුම්පත භාරදීම
සම්පූර්ණ කරන ලද අයදුම්පත සහ ලේඛන බැංකුව වෙත භාර දෙන්න.
ක්ෂේත්‍ර පරීක්ෂාව
අවශ්‍යතාවය අනුව කළමණාකරු හා අපගේ නිලධාරීන් විසින් ඔබගේ ව්‍යාපාරික ස්ථානය හෝ පදිංචි ස්ථානය නිරීක්ෂණය කරනු ලබයි.
ණය අනුමැතිය ලැබීම
සමිතියේ ගරු අධ්යක්ෂ මණ්ඩලය විසින් ඔබගේ සුදුසුකම් සලකා බලා ණය මුදල සඳහා අනුමැතිය ලබා දෙනු ඇත.
ණය මුදල නිදහස් කිරීම
සියලු කටයුතු නිම වූ පසු ඉතා කෙටි කාලයකදී ණය මුදල ඔබ වෙත නිදහස් කරනු ලැබේ.
නිතර අසන ප්‍රශ්න (FAQ)
අපගේ ණය සේවාවන් පිළිබඳව ඔබට ඇති ගැටලු සඳහා ඉක්මන් පිළිතුරු මෙතැනින් ලබාගන්න.
අවශ්‍ය සියලුම ලේඛන නිවැරදිව භාරදී, ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් පසුව සාමාන්‍යයෙන් සතියක් හෝ උපරිම සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත ණය මුදල අනුමත කරවා ගත හැක.
ඔව්, ඔබ ලබා ගන්නා ණය වර්ගය සහ මුදල අනුව ඇපකරුවන් දෙදෙනෙකු හෝ දේපළ ඇපයක් ඉදිරිපත් කළ යුතුය. වැඩි විස්තර සඳහා ඔබේ ශාඛා කළමනාකරු හමුවන්න.
අප බොහෝ ණය වර්ග සඳහා "හීන වන ශේෂය" (Reducing Balance) ක්‍රමයට පොලී ගණනය කරනු ලබයි. එමගින් ඔබට ගෙවීමට සිදුවන සම්පූර්ණ පොලී මුදල අවම කරගත හැක.
ඔව්, අපගේ වෙබ් අඩවියේ 'Downloads' හෝ 'ණය අයදුම්පත්' කොටසට පිවිස ඔබට අවශ්‍ය ණය පත්‍රිකාව බාගත (Download) කරගත හැක.
සාමාන්‍යයෙන් අවුරුදු 18 සම්පූර්ණ වූ, ස්ථිර ආදායම් මාර්ගයක් සහිත ඕනෑම අයෙකුට ණය සඳහා අයදුම් කළ හැක. ණය වාරික ගෙවා අවසන් වන විට උපරිම වයස අවුරුදු 60 නොඉක්මවිය යුතුය.
